COVID-19හි නව ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Omicronහි උප ප්‍රභේදයක් වන Eris යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන EG.5.1 ප්‍රභේදය පසුගිය මාසයේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් බව සදහන් වේ.

ඔමික්‍රොන් ප්‍රභේදයක් වන Erisහි වඩාත් සුලභ රෝග ලක්ෂණ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුව ලෙස එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසා තිබේ.