2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

එම අවදානම මග හරවා ගැනීමට නම් ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එළඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ පිළිබඳ විමර්ෂණය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඒ, බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙනි.