බොලිවුඩ් සිනමාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ ක්‍රියාදාම චිත්‍රපට අතර ඉහළින්ම පසුවන DHOOM සහ DHOOM 2 චිත්‍රපටවල අධ්‍යක්ෂක වරයා වූ Sanjay Ghadvi අද (19) උදෑසන හදිසියේ ඇති වූ හෘදයාබාධයකින්මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවූ Sanjay Ghadviට ඇති වූ හදිසි හෘදයාබාධ තත්වය හේතුවෙන් ඔහුගේ සමීපතමයින් දැඩි කම්පනයට පත් වී ඇති අතර, බොලිවුඩ් ශිලිපීන් රැසක් ද මෙම හදිසි අභාවය සමාජ මාධ්‍ය තුළ ශෝකය පල කර තිබුණා.

මිය යන විට 57 වන වියේ පසු වූ Sanjay, 2000 වසරේ තිරගත වු Tere Liye චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි අතර, Operation Parindey ඇතුළු තවත් ජනප්‍රිය සිනමා පට කිහිපයකම අධ්‍යක්ෂවරයාද වනවා.