ලොව පුරා ජනප්‍රියත්වයට පත් Die Hard චිත්‍රපට මාලාවේ John McClane චරිතයෙන් රසිකයන් වැළඳගත් සුපිරි හොලිවුඩ් නළු Bruce Willis සදාකාලික පූර්ණ කථනාබාධිත තත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

2022 වසරේදී Aphasia නම් රෝගී තත්වයෙන් Bruce පෙළෙන බව හඳුනා ගැනුණු අතර, ඔහුගේ කථන හැකියාව සම්පූර්ණයෙන් අහිමි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඊට අමතරව ඔහුගේ සියළු භාෂා හැකියාවන්ද අහිමි වී ඇති අතර, ඒ අනුව ඔහුගේ කියවීමේ හැකියාවද ඔහුට අහිමි වී තිබේ.

1985 විකාශය වූ ‘Moonlighting’රූපවාහිනී කථා මාලාවෙන් ජනප්‍රියත්වයට පත් 68 වියැති මෙම සුපිරි නළුවා මේ වන විට ‘The Sixth Sense’, ‘Twelve Monkeys’ and ‘Pulp Fiction’ වැනි ජනප්‍රිය චිත්‍රපට ඇතුළු ව චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක් වී ඇති බව සඳහන් වේ.