එට්නා ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ඉතාලියේ, නැගෙනහිර සිසිලියානු නගරයක් වන කැටානියා වෙත සිදු කරන ගුවන් ගමන් නතර කර තිබේ.

මීටර් 3,330 ක් උස ගිනි කන්ද පසුගිය ඉරිදා රාත්‍රියේ සක්‍රිය වී තිබුණි.

මේ හේතුවෙන් මධ්‍යධරණී දූපතට ඉහළින් ලාවා සහ අළු ඉහළට විසිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එලෙස සක්‍රීය වූ ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ගිනි කන්දෙන් පිටවන අළු විසිරීම හේතුවෙන් කැටානියා නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ ඉදිරි පැය 48 තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර තිබේ.

මාර්ගවල ලිස්සන සුළු තත්ත්වයක් පවතින බව සහ අනතුරු සිදුවීම වළක්වා ගැනීම සඳහා මෙය සිදු කර ඇත.

කෙසේ වෙතත්, පසුගිය මැයි 21 වැනිදා ද එට්නා ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් කැටානියා ගුවන් තොටුපළ දිනකට වසා දමන ලදී.