FIFA කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ආරම්භ විය. තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පාපන්දු ක්‍රීඩා පිටි 10කදී පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය සහ නොර්වේ රාජ්‍ය අතරයි.

මේ අනුව මෙම තරගාවලිය යටතේ රටවල් 32ක කාන්තා පාපන්දු කණ්ඩායම් ඉදිරි මාසයක කාලය තුළදී තරග වැදීමට නියමිතය.

2015 සහ 2019 යන වසරවලදී පිට පිට දෙවතාවක් කාන්තා ලෝක කුසලානය තමන් සතු කරගැනීමට අමෙරිකා එක්සත් ජනපද කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.