තරගාවලියේ අද පැවැති තරගයෙන් තියුණු ජයක් හිමි කරගැනීමට Galle Titans කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී දඹුල්ල අවුරා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ දඹුල්ල අවුරා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ රැස් කළ ලකුණු ලකුණු සංඛ්‍යාව ලකුණු 180කි.

අනතුරුව පිටියට පිවිසි දඹුල්ල අවුරා කණ්ඩායමද පන්දුවාර 20 අවසානයේ ලකුණු 180ක් රැස් කළ අතර, ඒ අනුව තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියේය.

සුපිරි පන්දුවාරයේදී දඹුල්ල අවුරා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 09ක් රැස් කළ අතර, ටයිටන්ස් කණ්ඩායම සුපිරි පන්දු වාරයේ දෙවැනි පන්දුවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලකුණු 11ක් රැස් කරමින් තරගය ජයගත්තේය.