ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) කණ්ඩායමක් වන Galle Gladiators කණ්ඩායම වෙනුවට Galle Titans නමින් නව කණ්ඩායමක් ආදේශ කර තිබේ.

හෙට පැවැත්වෙන වෙන්දේසියට පෙර මෙම නව කණ්ඩායම ආදේශ කර ඇත. දසුන් ශානක විසින් නායකත්වය දරන මෙම කණ්ඩායම ශ්‍රී ලංකා හිමිකරුවෙකු විසින් මිලදී ගෙන ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

LPLහි Galle Gladiators කණ්ඩායමේ පෙර හිමිකරුවන් වූයේ පාකිස්තානයේ PSLහි කටාර් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

කෙසේ වෙතත්, Galle Titans නමින් හැඳින්වෙන නව කණ්ඩායමේ අයිතිකරුවන් සම්බන්ධයෙන් තවමත් නිල තොරතුරු නිකුත් කර නොමැත.