ගාලු මුවදොර පිටියේ ජංගම වෙළෙඳුන් නියාමනයට මේ වනවිටත් අවධානය හොමු කර ඇති බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශණ සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කතුරුසිංහ පවසා තිබේ.

අවිධිමත් අලෙවිසැල් එම ස්ථානයේ සුන්දර පරිසරයට  හානි කරන බව ද ඔහු සඳහන් කර ඇත.

වැසිකිළි වැනි අපවිත්‍ර ස්ථාන වල සකස් කෙරෙන පරිභෝජනයට නුසුදුසු ආහාර කොළඹ ගාලු මුවදොර පිටියට ගෙනවිත් ජනතාවට අලෙවි කරන බව වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගැනීම කටයුතු කර ඇතැයි වාර්තා වේ.