චිත්‍රපට ඇතුළු විවිධ නිර්මාණ රාශියකට පසුබිම් වූ සුප්‍රකට “Godzilla”  නම් බිහිසුණු සත්ත්වයා වටා ගෙතෙන නවතම රූපවාහිනී කතා මාලාව වන Monarch:  Legacy of Monsters හි ටීසරය නිකුත් කර තිබෙනවා.

කොටස් (Episodes) 10කින් සමන්විත මෙම ටෙලි කතා මාලාවේ කොටස් 2ක්, ජනප්‍රිය Game of thrones රූපවාහිනී කතා මාලාවේ අධ්‍යක්ෂක Matt Shakman විසින් අධ්‍යක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය හොලිවුඩ් නළු Kurt Russell සහ ඔහුගේ පුත් Wyatt Russell ඇතුළු නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන Monarch:  Legacy of Monsters නොවැම්බර් 17 සිට Apple TV+ ඔස්සේ විකාශය වීමට නියමිතයි.

ටීසරය පහතින්