ලොව ප්‍රමුඛතම චිත්‍රපට හා රූපවාහිනී සම්මාන උළෙලක් වන Golden Globes විසින් Cinematic and Box Office Achievement in Motion Pictures සහ Best Stand-Up Comedian ලෙස නවතම සම්මාන ද්විත්වයක් හඳුන්වා දී තිබෙනවා.

ඉහළ නිර්මාණාත්මක අන්ර්ගතයක් සහිත, වසරේ ඉහළම බොක්ස් ඔෆිස් ආදායම හා ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටය සඳහා Cinematic and Box Office Achievement සම්මානය පිරිනැමෙන අතර, Best Stand-Up Comedian සම්මානය පිරිනැමෙන්නේ, රූපවාහිනී මාධ්‍යය තුළ කෙරෙන හොඳම ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීම වෙනුවෙන් බව  Golden Globes වෙබ් අඩවිය නිවේදනය කර තිබෙනවා.

81 වැනි Golden Globes සම්මාන උළෙලේදී මෙම සම්මාන පළමුවරට පිරිනැමීමට නියමිත අතර, ජයග්‍රහකයින් 2024 ජනවාරි 07 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.