Google සමාගමට වසර 25 ක් සපිරේ.

ලොව පුරා සිටින බිලියන ගණනක් පරිගණක හා ජංගම දුරකතන පරිශීලකයින් ඕනෑම තොරතුරක් සෙවීමට, සම්බන්ධ වීමට, ක්‍රීඩා කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙස Google භාවිත කරයි.

අප කවුරුත් හොඳින් දන්නා  Google  හි ආරම්භකයන් වන්නේ, 1996 දී එවකට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ  පශ්චාත් අධ්‍යන සිසුන් (PhD) දෙදෙනෙකුවූ Larry Page සහ Sergey Brin  ය.

ඔවුන් තම පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය අරඹන ලදි.

එවකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල (Web search engines) භාවිතා වූ ක්‍රමයට වඩා වෙනස් වූ නව ක්‍රමයක් වූ PageRank  ක්‍රමය ඔවුන් හඳුන්වා දෙන ලදි.

පලමුව මෙම සෙවුම් යන්ත්‍රය “BackRub” ලෙස නම් කරන ලදි.

පසුව එහි නම “googol” ලෙස නම් කිරීමට අවශ්‍ය වුවත් අකුරු ගැලපීමෙදී වූ අත්වැරදීමක් නිසා එය “google” බවට පත් විය.

Google සෙවුම් යන්ත්‍රය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ වෙබ් පිටුවෙහි google.stanford.edu  සහ  z.stanford.edu  යන domain යටතේ භාවිතය ඇරඹීණි.

ඔවුන් ඔවුන්ගේ ව්‍යාපෘතියේ කූඨප්‍රාප්තියට එළැඹෙන විට කුලියට ගත් ගරාජයක තම කාර්යාලය Google Inc නමින් 1998 සැප්තැම්බර් 27 වන දින නිල වශයෙන් ආරම්භ කරන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මෘදුකාංගය තමන් බිහි කළ වග ලොවට හඬනඟා කියමින්ය.

1998 වසරේ සිට අද වන විට Google බොහෝ වෙනස්වීම් සිදුවී ඇත.

අද Googleහි පෙනෙන පරිදි ලාංඡනය ඇතුළුව වෙනස්කම් රැසක් සිදුවී තිබුණත් ඔවුනගේ මෙහෙවර අඛණ්ඩව පවතියි.

අද වන විට ලෝකයේ Google වලට අමතරව තවත් බොහෝ සෙවුම් යන්ත්‍ර නිර්මාණය වී තිබුණත් තොරතුරු සංවිධානය කිරීම සහ එයට විශ්වීය වශයෙන් ප්‍රවේශ විය හැකි සහ ලොව පුරා සිටින බිලියන ගණනක් වු පරිශීලකයින්ට සෙවීමට, සම්බන්ධ වීමට, වැඩ කිරීමට, ක්‍රීඩා කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා වර්තමානයේත් ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රය ලෙස බිලියන ගණනක් Google භාවිත කරයි.