Rockstar Games සමාගමේ දත්ත පද්ධතියට අනවසරයෙන් ගොඩවැදී එම සමාගම විසින් 2025 නිකුත් කිරීමට නියමිත Grand Theft Auto VI වීඩියෝ ක්‍රිඩාවට අදාළ දර්ශන 90ක් (videos of GTA VI gameplay footage) අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින ලද හැකර් කණ්ඩායමේ Arion Kurtaj නමැති 18 හැවිරිදි හැකර්වරයා පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

LAPSUS$ නම් ජාත්‍යන්තර හැකර් සංවිධානයක සමාජිකයකු වන Arion Kurtaj ඔටිසම් තත්වයෙන් පසුවන්නෙකු බවද වාර්තා වන අතර, ඔහු එම සංවිධානය සමඟ මින් ඉහත දී ද Uber, Nvidia වැනි සමාගම් වලටද හැකර් ප්‍රහාර එල්ල කර ඩොලර් මිලියන 10කට අධික අලාභයක් සිදු කර තිබෙනවා. සියළු කරුණු සලකා බැලූ විනිසුරු වරයා සයිබර් අපරාධ කටයුතු සම්බන්ධයෙන් Arion Kurtaj සතු හැකියාව සහ ඒ සඳහා ඔහුගේ බලවත් ආශාව මහජනයාට ඉතා අවදානම් තත්වයක් බව තීරණය කළ අතර, ඔහුගේ මානසික තත්වයද සලකා බලමින් ඔහුට ජීවිතාන්තය දක්වා රෝහල්ගත සිර දඩුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප්‍රහාරයෙන් සිදුවූ හානිය ආවරණය කිරීම සඳහා Rockstar Games සමාගම ඩොලර් මිලියන 5ක් වැය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.