ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් HIV හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා කර ඇත.

සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.