ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි පිහිටා ඇති සුප්‍රකට HOLLYWOOD සලකුණට සියවසක් සපිරෙනවා. එම සලකුණ ස්ථාපිත කර ඇත්තේ 1923 දෙසැම්බර් 08 වෙනි දින වන අතර Hollywoodland නමින් වන අතර, එය Hollywood hills හි ඉඩම් සංවර්ධන කටයුත්තක් සඳහා දේපල වෙළඳාම් සමාගමක දැන්වීම් පුවරුවක් ලෙසයි භාවිතා වී ඇත්තේ.

අකුරු 9කින් සමන්විත මෙම පුවරුවේ එක් අකුරක් උසින් අඩි 45 කින් සහ පළලින් අවමය අඩි 30 කින් යුක්ත වනවා.
40 දශකයේදී HOLLYWOOD ලෙස කෙටිකරන එම පුවරුව වර්තමානයේ හොලිවුඩ් සිනමාවේ සන්නාමය ලෙසයි හැඳින්වෙන්නේ. Hollywood sign trust නම් සංවිධානයක් විසින්, මෙම ඓතිහාසික පුවරුවේ සියවස් සැමරීමේ අවස්ථාව සඳහා මෙම පුවරුව සුදු තින්ත ගැලුම් 400ක් යොදාගනිමින් වර්ණගනවන ලද අතර, 1923 එම පුවරුව ආලෝකකරණයට යොදාගත් විදුලි බුබුළුද යොදාගනිමින් ආලෝක කිරීමටද කටයුතු කර තිබෙනවා.