Home Alone (1990) චිත්‍රපටයේ Kevin McCallister චරිතයේ රංගනය නිසා ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් වූ Macaulay Culkin Hollywood Walk of Fame හි තාරකාවකින් පිදුම් ලබා තිබෙනවා.

එම ප්‍රදානය සඳහා වූ Hollywood Walk of Fame උත්සවය ඊයේ (01) දා ලොස් ඇනජලීස් නුවර දී  පැවති අතර, Macaulay Culkin හිමි කරගෙන ඇත්තේ Hollywood Walk of Fame හි 2765 වන තාරකාව ලෙසයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 4දී ළමා වේදිකා නළුවකු ලෙස රංගනය ඇරඹූ 43 හැවිරිදි Macaulay ගේ රංගන දිවියට මේ වන විට වසර 40ක් සපිරෙනවා.