ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය පවරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර ඇත.

ඊට අමතරව, ඉදිරියේදී අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.