එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සංවිධානය කරන ILT20 තරගාවලිය සඳහා මෙව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13දෙනෙකු සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.

පළමු වරට පැවැති තරගාවලියට සහභාගි වූ චරිත් අසලංක (Abu Dhabi Knight Riders), වනිඳු හසරංග, මතීෂ පතිරණ, දිනේෂ් චන්දිමාල් (Desert Vipers), දුශ්මන්ත චමීර (Dubai Capitals) යන ක්‍රීඩකයන් තවදුරටත් සිය සංචිතවල රඳවා ගැනීමට එම කණ්ඩයම් තීරණය කළේය.

ඒ අනුව මෙවර තරගාවලියට Dubai Capitals කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක, නුවන් තුෂාර සහ සදීර සමරවික්‍රමද, MI Emirates කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා සහ විජයකාන්ත් වියස්කාන්ත්ද, Sharjah Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුෂංක, කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණද අලුතෙන් නම් කර තිබුණි. මේ අනුව තරගාවලියට මෙරටින් ක්‍රීඩකයන් 13දෙනෙකු සහභාගි වීමට නියමිතය.

මෙම තරගාවලියේ දෙවැනි අදියර ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතය.