ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම  රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවධාණය යොමු කර ඇති බව ද ඔහු පවසා ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර තිබේ.

“ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා තිබුණ ගැඹුරු වගේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මෙහෙම වෙන්න කිව්වට එහෙම බෑ. එහෙම වුණා නම් තමා පුදුමේ. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා.”