ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී අද(7) පවසා ඇත.

එම ණය මුදල සමග මෙරට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර තිබේ.

ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැති බවත් තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවත් ඔහු සඳහන් කර ඇත.

අලි සබ්‍රි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.