ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය ලබාදීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන මස 6 වන දා රැස්වීමට නියමිතය.

ඒ අනුව ඩොලර් මිලියන 330කට ආසන්න වන දෙවන ණය වාරිකය එම හමුවීමෙන් පසුව ලැබෙනු ඇත.

එමෙන් ම, චීනය හැර සෙසු ද්විපාර්ශ්වික ණයකරුවන් වන ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයට අදාළ රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ අවසන් යෝජනා ලබන සතියේ ශ්‍රී ලංකාව වෙත දැනුම් දීමට නියමිත බව සඳහන් වේ.