ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.
ඒ අනුව මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එම කටයුතු වේගවත් කිරීමට අවශ්‍ය සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා එම සාකච්ඡාවල දී අවධානය යොමු කළ බව ද ඔහු ශෙහාන් වැඩිදුරටත් පවසා ඇත.