“Ranker” වෙබ් අඩවිය විසින් පවත්වන ලද ඡන්ද විමසීමකදී ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම දුෂ්ඨ චරිතය (The greatest movie villain of all time) ලෙස ‘JOKER’ තේරීපත් වී තිබෙනවා.
එම ඡන්ද විමසීමේදී ‘JOKER’ ඡන්ද මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, එම ලැයිස්තුවේ දෙවන ස්ථානය සඳහා Star Wars චිත්‍රපට මාලාවේ “Darth Vader” චරිතය තේරීපත් වී ඇති අතර, තෙවන ස්ථානය “Hannibal” චිත්‍රපට මාලාවේ “Hannibal Lecter” ට හිමි වී තිබෙනවා. මෙම ඡන්ද විමසීම අනුව Marvel Cinematic Universe හි සුප්‍රසිද්ධ  “Thanos” චරිතයට හිමි වී ඇත්තේ සිව්වන ස්ථානයයි.