‘Just Stop Oil’ යන විරෝධතාකරුවන් තැඹිලි පැහැති සැරසිලි ද්‍රව්‍ය සහ ජිග්සෝ කෑලි විසි කරමින් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියට දෙවරක් බාධා කර බේ. ඒ ග්‍රේගර් දිමිට්‍රෝ සහ ෂෝ ෂිමබුකුරෝ අතර තරගය අතරතුර සහ කැතී බෝල්ටර්ගේ තරගය ඉලක්ක කර ගනිමිනි.

මෙම සිදුවීමට අදාළව පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

‘Just Stop Oil’ යන කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය, විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ඇතුළු විවිධ ක්‍රීඩා ඉසව් ඉලක්ක කර කරමින් මෙලෙස විරෝධතා දක්වයි.

සියලුම තෙල්, ගෑස් සහ ගල් අඟුරු ව්‍යාපෘති නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින මෙම විරෝධතාකරුවන් එරට ප්‍රිමියර් රග්බි අවසන් තරගයට සහ ලෝක ස්නූකර් ශූරතාවලියටද බාධා කර තිබේ.