King Khan නොඑසේනම් Badshah of Bollywood යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ජනකාන්ත බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ මුම්බායි හි පිහිටි නිවහන වන “Mannat” ඉදිරිපිට දී පසුගිය ජුනි 10 වැනි සෙනසුරාදා සිදුවුණු අපූරු කටයුත්තක් පිළිබඳ ව බොලිවුඩයෙන් වාර්තා වනවා.

එදින Mannat ඉදිරිපිටට රැස් වූ 300ක පමණ රසික පිරිසක් විසින් ඔහුගේ සුප්‍රසිද්ධ “The SRK Pose” නිරූපණය කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීතිබෙනවා.

2023 ජනවාරි 25 සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළ Pathaan චිත්‍රපටයේ රූපවාහිනී මංගල දර්ශනය (World TV Premier) වෙනුවෙන්  මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ Star Gold (India) සමාගම විසින්. Ek tha Tiger, Tiger Zinda Hai, War යන Spy thriller ශානරයේ චිත්‍රපටවලින් පසු YRF Spy Universe හි නවතම දිගහැරුම ලෙස සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කර Yash Raj Films (YRF) විසින් නිෂ්පාදනය කරන ලද Pathaan චිත්‍රපටය, ජුනි 18 වන දින රාත්‍රී 8.00 ට Star Gold නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ව තිබෙනවා.

“Most people performing the Shah Rukh Khan Pose simultaneously”. එනම්, වැඩිම පිරිසක් විසින් ෂාරුක් ඛාන් ඉරියව්ව එකවර ඉදිරිපත් කිරීම, යන වාර්තාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ එම අවස්ථාවේ දී ස්ටාර් ගෝල්ඩ් සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, “මෙම ගිනස් ලෝක වාර්තාවේ හිමිකරුවන් වශයෙන්, මෙම ජයග්‍රහණය පිළිබඳව ස්ටාර් ගෝල්ඩ් සමාගමට පමණක් නොව, ලොව පුරා සිටින සෑම ෂාරුක් ඛාන් රසිකයෙකුටම ඉතා ආඩම්බර විය හැකි බව” යි. මෙහිදී සිය ආරනීය රසිකයින් හමුවට පැමිණි ශාරුක් ඛාන් Pathaan චිත්‍රපටයේ Jhoome Jo Pathaan ගීත ඛණ්ඩයකට කෙටි නර්තනයක් ඉදිරිපත් කිරීමට ද අමතක කළේ නැහැ.

https://www.instagram.com/reel/CtYwaiUN1pZ/?utm_source=ig_web_copy_link

වසර හතරක දිගු නිහැඬියාවකින් පසු ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයකින් රසිකයින් හමුවට පැමිණියේ Pathaan  චිත්‍රපටයෙන් වන අතර, මේ වන විටත් එය උපයා ඇති සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පසුකර අවසන්. හින්දි චිත්‍රපටයක් ලබා ගත් දෙවැනි වැඩිම බොක්ස් ඔෆිස් ආදායමට Pathaan හිමිකම් කියන්නේ 2016 තිරගත කරන ලද, සුපිරි නළු ආමීර් ඛාන් රඟපෑ Dangal චිත්‍රපටයට පමණක් දෙවැනි වෙමින්. ඕනෑම ඉන්දියානු චිත්‍රපටයක් ලබා ගත් වැඩිම ආදායමට හිමි වාර්තාවේ පස්වන ස්ථානයේ මේ වන විට රැඳී සිටින්නේ ද Pathaan චිත්‍රපටයයි. පසුගිය ජුනි 13වන දින සිට රුසියාවේ ද තිරගත කිරීම් අරඹන ලද Pathaan, එදින සිටම අසර්බයිජානය, ආමේනියාව, බෙලරුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රටවල් (CIS) කිහිපයක සිනමා ශාලා 3000කට වැඩි ප්‍රමාණයක ද තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම, 1971 වසරෙන් පසුව බංග්ලාදේශයේ තිරගත කළ පළමු හින්දි චිත්‍රපටය වීමේ භාග්‍යද හිමි වූයේ Pathaan වෙතම වීම සුවිශේෂී කරුණක් වනවා.

උමේෂ් ද සිල්වා