සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් ගේ කුළුඳුල් චිත්‍රපටය වන “The Archies” හි පූර්ව ප්‍රචාරක පටය අද නිකුත් කෙරුණා.

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂිකා Zoya Aktar ගේ අධ්‍යක්ෂණයක් වන Musicl Comedy ශානරයේ මෙම චිත්‍රපටයට ශාරුක් ඛාන් ද ගරු රංගනයකින් එක් වන බව බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කර සිටටිනවා.

වියෝ වූ නිලි ශ්‍රී දේවි ගේ බාල දියණිය වන කුෂී කපුර් ද රංගනයෙන් දායක් වන “The Archies” දෙසැම්බර් 07 දින සිට Netflix ඔස්සේ විකාශය කිරීමටයි නියමිතව තිබෙන්නේ.