උපහාසයේ රජු (King of sarcasm) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ජනප්‍රිය හොලිවුඩ් නළු Matthew Perry හදිසියේ මිය ගොස් ඇතැයි වාර්තා වනවා.

ඔහුගේ මල සිරුර ඊයේ (28) ප.ව. 4.00ට පමණ ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේ උණුසුම් තටාකයක (jacuzzi) තිබියදී සොයාගෙන ඇති අතර, මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවයි විශ්වාස කරන්නේ. මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ලොස් ඇන්ජලීස් පොලීසිය සහ රහස් පරීක්ෂක ආයතනයක් විසින් සිදු කරමින් පවතින අතර, මිනීමැරුමක් සම්බන්ධ කිසිඳු සාක්ෂියක් මෙතෙක් හමුවී නැහැ.

ළමා නළුවකු ලෙසින් රංගනයට පිවිසි Perry, Charles in Charge, Beverly Hills 90210, A Night in the Life of Jimmy Reardon යන නිර්මාණ වල මෙන්ම  Fools Rush In, Almost Heroes, The Whole Nine Yards, 17 Again and The Ron Clark Story යන චිත්‍රපට වලටද රංගනයෙන් දායක වුණා. නමුත් ප්‍රහසන නළුවෙකු ලෙස එක රැයින් Perry ජනප්‍රියත්වයට පත් වන්නේ  FRIENDS ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ Chandler Bing චරිතයෙන්.
ඉන්පසු සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ජනප්‍රිය උපහාසාත්මක පෝස්ටු (Memes) සඳහා නැතිවම බැරි චරිතයක් බවට ද පත් වන Perry “King of sarcasm” යනුවෙන් හැඳින්වුණා.

සමීපතමයන් අවසන ආකාරයට ඉතා තදින් මත්පැනට ඇබ්බැහි වී සිටි මෙම ජනප්‍රිය නළුවා මිය යන විට 54 වියේ පසු වුණා.