ප්‍රංශ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe පැරිස් සෙන්ට් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ ඇති කොන්ත්‍රාත්තුව 2024 වසරෙන් ඉදිරියට දීර්ඝ නොකරන බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් Kylian Mbappe පවසා සිටියේ පැරිස් සෙන්ට් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජයේ මෙම සේවා දිගුව ප්‍රතික්ෂේප කිරීමේ තීරණය ගැන තමන් පසුගිය වසරේ ජූලි 15වැනිදා පළමුවෙන්ම දැනුම් දුන් බවයි. එමෙන්ම රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය සමග තමන් එක්වීමේ සූදානමක් පවතින බවට පළවෙන වාර්තා අසත්‍ය බවද Mbappe සඳහන් කර ඇත.

කෙසේ නමුත් පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයද Mbappeගේ තීරණයට එකඟතාව පළ කර ඇත.

Kylian Mbappe පැරිස් සෙන්ට් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ වනවිට ගෝල 139 ලබාගෙන එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවටද පත්ව සිටී.