ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන Lanka T10 Super League තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ක්‍රිකට් ආයතනය අද (6) නිවේදනය කළේය.
දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි සියලු තරග පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.
Colombo Strikers, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts හා Negombo Braves යන කණ්ඩායම් 06 මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ලබයි .
තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.
සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගත හැකි අතර සෑම සංචිතයකම ජාත්‍යන්තර ක්‍රීඩකයින් හත් දෙනෙකු සිටිය යුතු බවද ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් දන්වා සිටියි.