සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසා ඇත.

2023 සැප්තැම්බර් 08 සිට මෙලෙස විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කරන බව සඳහන් වේ.

ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් සමාජ ආරක්ෂණ බද්ද පෙන්නුම් කරන බවයි සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.