සුපිරි කොලිවුඩ් නළු තලපති විජෙයි රංගනයෙන් දායක වූ Leo චිත්‍රපටය පසුගිය වසරේදී ලොව පුරා අති සාර්ථකව තිරගත කෙරුණු අතර, බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කිහිපයක්ම බිඳ හෙලීමට සමත් වූයේ වසරේ සාර්ථකම කොලිවුඩ් චිත්‍රපටය වෙමින්.
නමුත් Leo චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලමින් රාජු මුරුගන් නැමැත්තෙකු විසින් පසුගියදා මදුරායි අධිකරණයක පෙත්සමක් ගොනු කර තිබෙනවා. අධික ලෙස භීෂණය පතුරවන Leo චිත්‍රපටය ඉන්දියානු අපරාධ නීතිය යටතේ තහනම් කරන ලෙසත්, මෙවැනි හානිදායක චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලෝකේෂ් කනගරාජ් වහාම මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන ලෙසත් එමගින් ඔහු ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි හානි දායක චිත්‍රපට පිළිබඳව චිත්‍රපට වාරණ මණ්ඩලය වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.