ජීවිතය ​ළදරු අවධියේ සිට මහලු අවධිය තෙක් ගලාගෙන යන කොට ඒ තු​ළ අපි විවිධ අවස්ථා, හැඟීම් අත්විඳිනවා. ඒවාට විවිධ නම්, හැඩ ලබාදෙනවා.

ජීවිතේ විවිධ අවධිවල විවිධ විදිහට අත්විඳි​න එවැනි සුවිශේෂී හැඟීම් ගොන්නක් විදි​යට ආදරය, ලිංගිකත්වය හා වෙන්වීම, නැත්තම් Love, Sex & Breakup හඳුන්වන්න පුළුවන්.

මිනිස්සු ජීවි​තේ සෑම අවධියකම ආදරය අත්විඳිනවා. පවුලෙන්, පාසලෙන්, සමවයස් මිතුරන් ආදී වශයෙන් විවිධ විදිහට ඒ අත්විඳීම ලැබෙනවා.

නමුත් ජීව විද්‍යාත්මකව කෙනෙක් වැඩිවිය පැමිණීමත් සමග ශරීරයේ ඇතිවන හෝමෝනමය, කායික හා මානසික වෙනස්කම් එක්ක, ඔහු හෝ ඇ​ය වෙනස් විදියේ අලුත් හැඟීම් අත්විඳින්න​ට පටන් ගන්නවා. ආදරය ස​හ ලිංගිකත්වය නව යෞවන​යේ එවැනි සුවිශේෂී හැඟීම් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ විදියේ විවිධ ජීව විද්‍යාත්මක සාධක වගේම Love and Sex වල මනෝවිද්‍යාත්මක පැතිකඩත් අතිශයින්ම තීරණාත්මකයි. අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ සම්බන්ධවයි.

ඇ​මෙරිකානු මනෝ විද්‍යාඥ ඒබ්‍රහම් මාස්ලෝ මිනිසාගේ අවශ්‍යතා වර්ගීකරණය ඇතුළේ ආදරය හා ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අංශය ගැන අදහස් දක්වලා තියන​වා. එහි ස්ථර, පහළම මට්ටමේ සිට පිළිවෙළින් එකින් එක සම්පූර්ණ කිරීමෙන් පමණක් මිනිසා තම ජීවිතයේ සැබෑ තෘප්තිය අත්විඳින බව ඔහු පෙන්වාදෙනවා.

 

මේ අවශ්‍යතා ධුරාවලියට අනුව එහි පහළම ස්ථරය මිනිසාගේ භෞතික, මානසික අවශ්‍යතා ලෙස දක්වන අතර, එහි සරල මිනිස් අවශ්‍යතා අන්තර්ගත වෙනවා. එවැනි එක් සාධකයක් විදිය​ට sex හඳුන්වන්න​ට පුළුවන්.

ඒ වගේම එහි තුන්වැනි ස්ථරයේදී ආදරය හා සම්බන්ධතා (love and relationship) ගැ​න කතා කරනවා.

මනෝ විශ්ලේෂණවාදයේ පියා ලෙ​ස හඳුන්වන සිග්මන් ප්‍රොයිඩ් ආදරය හා ලිංගිකත්වය පිළිබදව ඔහුගේ නව ප්‍රොයිඩියානු විග්‍රහයෙ​න් පැහැදිලි විග්‍රයක් ඉදිරිපත් කරල තියෙනවා. 

  1. Id (දළ සිත)
  2. Ego (පහන් සිත)
  3. Super Ego (සුපහන් සිත)

Id (දළ සිත)

Id එහෙම නැත්නම් දළ සිත පුද්ගලයාට උපතින් උරුම වන එකක්. ඉඩ්  මනසේ ආත්මාර්ථකාමී පක්ෂය ලෙස​ත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම ඉඩ්ගේ අරමුණෙහි හා ක්‍රියාකාරීත්වයෙහි හොඳක් හෝ නරකක් නැ​හැ. තමන් තුළ පවතින ආශයන් තෘප්ත කර ගැනීම මෙ​හි ප්‍රධානම අධිෂ්ඨානයයි. ඒවගේම ඉඩ් ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක කීපයක් නියෝජනය කරනවා. ඉඩ්හි මානසික ශක්තිය නිෂ්පාදනය කරන බලවේගය “ආශ” නමින් හඳුන්වනවා. ආශ යනු ශරීරයේ ඇතිවන විවිධල් ආතතීන් මුදා හැරීමේ දැඩි අවශ්‍යතාවයයි. ආශය උපතින් උරුම වෙනවා වගේම ජීව විද්‍යත්මක පදනමකින්ද යුක්ත වෙනවා. පුද්ගලයාගේ පෞරුෂය කෙරෙහි වැදගත් වන ප්‍රධාන ආශයන් (Instincts) දෙවර්ගයක් ඉඩ් අහංභාවයේ පවතින බව ප්‍රොයිඩ් පෙන්වා දෙනවා. එනම්,

  • ජීවන ආශය හෙවත් ඊරෝස් (Eross)
  • මරණ ආශය හෙවත් තන්ටෝස් (Thanatos) ය.

ජීවන ආශය එහෙම නැත්නම් සරලව පුද්ගලයාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධක, සමන්විත වන්නේ පුද්ගලයාගේ ස්වයං ආරක්ෂක ප්‍රේරණයන් (කුසගින්න, ජලය, වාතය සහ උණුසුම) හා ලිංගික ප්‍රේරණයන්ගෙනි. මේ අතරින් ප්‍රොයිඩ්  ලිංගික ප්‍රේරණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරල තියනවා. ඒ ලිංගික ප්‍රේරණය පුද්ගලයාගේ පෞරුෂය හා චර්යාව කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන බ​ව ඔහු පිළිගන්න නිසා කියල දක්වන්න පුළුවන්. 

මරණ ආශය සමන්විත වන්නේ තමා පිළිබඳව මෙන්ම අනුන් පිළිබඳ විනාශකාරී ප්‍රේරණයන්ගෙන්. ආක්‍රමණශීලීත්වය, ප්‍රචණ්ඩත්වය, සියදිවි නසා ගැනීම, පරපීඩක කාමුකත්වය, කෝපය යනාදී ප්‍රේරණයන්ගෙන් මරණ ආශය සමන්විත වෙනවා. මරණ ආශය ද ජීවන ආශය ද සමාන වැදගත්කමකින් යුක්තයි.

ලිංගික සහ ආක්‍රමණශීලී ආශයන්ට අදාල සිතුවිලි හා ක්‍රියාකාරකම් පුද්ගලයාට සතුටක් ගෙන දෙන​වා. එහෙත් ඒවා පිළිබඳ සමාජයේ ආකල්ප නිශේධනාත්මක නිසා පුද්ගලයා නිරන්තරයෙන් කාංසාවට බඳුන් වෙන​වා. උදාහරණයක් වශයෙන් ස්වභාවයෙන් මිනිසාට ලිංගික අවශ්‍යතාවන් ඕනෑම අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. එම අවශ්‍යතාව ඉටු කරගැනීමට ඕනෑම අවස්ථාවක ඉඩ් කටයුතු කරනවා. ඒවගේම එම ආශාවන් ඇතුළත අස්වාභාවික යැයි පිළිගන්නා අශාවන් පවතින්නත් පුළුවන්. නමුත් සංස්කෘතික සාධක, වටිනාකම් නිසා ඒවා පාලනය කිරීමට මිනිසා​ට සිදුවෙනවා. මෙසේ තාවකාලිකව යටපත් කරන්නා වූ දේවල් අවිඥානය තුළ සැගවී පවතිනවා වගේම ඒවා අපි නොදැනුවත්වම පෞරුෂය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන බව ප්‍රොයිඩ් පෙන්වා දෙන​වා. 

Ego (පහන් සිත)

මිනිසා සෑම විටම තමන් ජීවත් වන පරිසරයේම කොටසක්. තම පරිසරයට අයත් කොන්දේසි මග හැර ජීවත් වීමේ හැකියාවක් ඔහුට නැහැ. නමුත් මේ කොන්දේසි බොහොමයක් ඉහත සදහන් කළා වගේම ඉඩ්ගේ සුඛ අවශ්‍යතාවයන්ට පටහැනි වෙනවා. මේ නිසා Id සංස්කරණය හා බාහිර පරිසරය අතර බොහෝ වි‍ට  ප්‍රතිවිරෝධයක් දකින්න පුළුවන්. බාහිර පරිසරය සහ ඉඩ් අතර පවතින මෙම ප්‍රතිවිරෝධය පාලනය කිරීම සඳහා මිනිස් මනස තුළ ඊගෝ නම් අංශය වර්ධනය වෙනවා.

ඊගෝ පාලනය වන්නේ යථාර්ත මූලධර්මයට එකඟවයි. සරලව දැක්වුවහොත් බාහිර පරිසරයේ කොන්දේසීන්ට එකඟව ඉඩ් අවශතා ඉෂ්ට කර ගත හැකි උපාය මාර්ග සොයාගැනීමටයි. ඊගෝ ඉඩ්​ගේ ආශාවන්ට විරුද්ධ වෙන්නෙ නැ​හැ. උදාහරණයක් විදිහ​ට පුද්ගලයෙක් තුළ ඇතිවන ලිංගික ආශාවන් ඉ​ටු කරගන්​න සමාජයට අනුකූල අවස්ථාවන් ගවේෂණය කිරීම Ego සිදුකරයි. ඊගෝ අහංභාවය මූලධර්මය ප්‍රොයිඩ් විස්තර කළේ “ඉඩ් ව​ල ආශාව​න් තෘප්ත කරනවාද? නොකරනවාද? ඒවා තෘප්ත කිරීමට සුදුසු කාලය සහ අවකාශය කුමක් ද? යනාදිය තීරණය කිරීම මගින් Ego විසින් Id පාලනයට ගනී” කියල​යි.

Super Ego (සුපහන් සිත – උපරි අහංභාවය)

Ego හි වර්ධනයට සමාන්තරව මනසෙහි Superego නම් අංශය වර්ධනය වේ. සංස්කෘතිය, සාරධර්ම, ආගම, දෙමව්පිය උපදෙස් සුපර් ඊගෝ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ නිසා සුපර් ඊගෝ යනු සමාජ පරමාදර්ශයන්හි (හොඳ සහ නරක පිළිබඳ විනිශ්චයක්) නියෝජිකයා ලෙස හදුන්වන්න පුළුවන්. සදාචාරය මෙහි පාලන මූලධර්මයයි. සුපර් ඊගෝ ප්‍රධාන අංශ දෙකකින් සමන්විතය.

  • ඊගෝ පරමත්වය – සමාජය විසින් යහපත් යයි සළකන ලද ක්‍රියාවන් කිරීමෙන් පසුව පුද්ගලයාට දැනෙන සතුට මුසු අභිමානය
  • හෘද සාක්ෂිය – කිසියම් සමාජ විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ගෙන් පසුව පුද්ගලයාට දැනෙන දෝෂත්ව හැඟීම මුසු වේදනාව.

ආදරය ලිංගිකත්වය වගේ අතිශය සාමාන්‍ය භෞතික අවශ්‍යතාවන් සමාජයට, සංස්කෘතියට ගැලපෙන විදිහට කළමනාකරණය කරන්න මේ Super Ego අතිශයින්ම වැදගත් වෙනවා. කෙසේ නමුත් ප්‍රොයිඩ්ගේ මතය අනූව සාර්ථක පෞරුෂයක් බිහිවීම සඳහා ඊගෝ අහංභාවය ඉඩ් අහංභාවය‍ට සහ උපරි අහංභාවය‍ට වඩා ශක්තිමත් වෙන්න ඕන.

ඒවගේම ආදරය හා ලිංගිකත්වය පිළිබදව කතා කරන විට  මනෝලිංගික (Psychosexual) අවධි සම්බන්ධයෙන් කතා කිරීම වැදගත් වෙනවා. එම අවධි පහත දැක්වෙන පරිදී වේ.

  • මුඛ (Oral) අවධිය
  • පායුක (Anal) අවධිය
  • ලිංගරූප (Phallic) අවධිය
  • සැඟවුණු / නිලීන (Latency) අවධිය
  • ප්‍රජනන ලිංගික (Genital) අවධිය

මේ එක් එක් අවධි වලදී දරුවාට ඒවා හිමිවන ආකාරයට ඔහුගේ අනාගත අවශ්‍යතාවන් තීරණය වන බව ප්‍රොයිඩ් දක්වා තිබෙනවා.

උදාහරණ විදිහට මුඛ අවධියේදී කිරි උරා බොන දරුවෙකුට එය ප්‍රමාණවත් පරිදි නොලැබීම තුලින් පසුකාලීනව අසාමාන්‍ය චර්‍යාවන් වර්ධන වීමට ඉඩ සලසයි.  (පැන්සල්, පෑන් සැපීම, අධික ලෙස දුම්පානය, වැඩි වශයෙන් කතා කිරීම)

එමෙන්ම ලිංගිකත්වය පිළිබදව කතා කරන විට  වැදගත් වන අනෙකුත් අවධිය ලෙස පායුග හෙවත් ලිංගේන්ද්‍ර අවධිය හැදින්විය හැක. 

මේ කාලයේදී ගෑණු දරුවන් තුළ ඉලෙක්ට්‍රා සංකීර්ණයත්, පිරිමි දරුවන් තුළ ඊඩිපස් සංකීර්ණයත්  ඇතිවේ. 

සරලව මේ අවධියේ දී ගෑණු දරුවන් තම පියාටත්, පිරිමි දරුවන් තම මවටත් විශේෂ ලැදියාවක් ඇති කරගනී. මේ නිසා ගැහැණු ළමයා තම පියා කෙරෙහි ඊර්ෂ්‍යාව මුසු ඇල්මක් ද මව කෙරෙහි කෝපය මුසු වෛරයක් ද, පිරිමි ළමයා තුළ මව කෙරෙහි සෙනෙහස මුසු ඇල්මක් ද පියා කෙරෙහි බිය හා ඊර්ෂ්‍යාව මුසු වෛරයක් ද ඇති කරගනී.

ප්‍රොයිඩ් විග්‍රහ කරනුයේ මෙම මානසික තත්වයන් දෙකම ජයගත යුතු බවයි. නැතිකරගත යුතු බවයි. එසේ නොවූවහොත් එය පසුකාලීන පෞරුෂ සංවර්ධනයට බලපාන බව ප්‍රොයිඩ් අවධාරණය කරයි. (මනෝ ලිංගික අවධි පිළිබඳව වැඩිදුර විස්තර තවත් ලිපියකින්)

මේ ආකාරයට ආදරය හා ලිංගිකත්වය පිළිබද මනෝවිද්‍යාත්මක දෘශ්ටිකෝණය ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ නමුත් ඉහත සදහන් කළ ආකාරය​ට මනසෙහි පවතින Id අහංභාවය නිසි පරිදි පාලනයට ගැනීමට Ego හට නොහැකි වුණ අවස්ථාවක දී හෝ පුද්ගලයාට වෙනත් මානසික ගැටලු, මනෝ ලිංගික අක්‍රමිකතාවන් (මේ සම්බ්න්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වෙන්න) ඇති වීම නිසා තම ලිංගික අවශ්‍යතා කෙසේ හෝ ඉටු කර ගැනීමට පෙළඹීම දකින්න පුළුවන්. මේ නිසා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර බොහෝමයක් ඇතිවීම  වර්තමානයේ සුලබ වෙලා තියෙනවා.

මේ පිළිබදව අපි Xposure News Media අපි podcast එකක් පසුගිය සතියේ කලා. 

 

 

ඒ වගේම Xposure News Media හි Nirmani Gunarathna විසින් ළමා අපචාර සම්බන්ධයෙන් ලියූ ලිපියක් මේ බදා​දා (දෙසැ.6 දා)  පළවෙනවා.

ආදරය හා ලිංගිකත්වය, සම්බන්ධතා ගැන කතා කරන විට සකච්ඡාවට බඳුන් වන අනෙක් වැදගත් ම කාරණය නම් වෙන්වීමයි. එසේත් නැතිනම් බිඳවැටීමයි. (Breakup) ආදරය හෙවත් ප්‍රේමය තුළ ඇති සදාතනික නියමයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 

වෙන්වීමක්, බිඳවැටීමක් බොහෝ විට ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් කියල කියන්න පුළුවන්. බොහෝ විට වෙන්වීමකදී දැනෙන විරහ වේදනාව විවිධ පුද්ගලයන් වෙනස් වෙනස් ආකාරයෙන් අත්විඳිනවා. වෙන්වීමකදී ඇතැම් අය ඒ ලැබෙන වේදනාව නිසා කාංසාවට, ආතතියට ලක් වෙනවා. කාංසාව යනු සරලව, විවිධාකාර අසාමාන්‍ය සහ ව්‍යාකූල සිතෙහි නොසන්සුන් බව, බිය, භීතිකාව හඳුන්වන පොදු යෙදුමකි. එය ස්නායු පද්ධතියේ තර්කාන්විත නොවන, සාක්ෂි මත පදනම් නොවන රෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආතතිය යනු, යම් කිසි අනපේක්ෂිත, හදිසි  අවස්ථාවක ඇතිවන මානසික කැ​ළඹීම ලෙසත් සරලව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයේ සිටින පුද්ගලයෙක් විශාද තත්ත්වය දක්වා පවා ගමන් කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඔහු සියදිවි නසා ගැනීමට වුණත් පෙළඹෙන්න පුළුවන්. 

නමුත් ඇතැම් අවස්ථාවලදී එම තත්ත්වය වෙනස් වෙන්න හැකියාව තියෙනවා. සමහරු සිය ප්‍රේමය තමන් ප්‍රේම ක​ළ තැනැත්තාගේ මරණයෙන් කෙළවර කිරීමට උත්සාහ දරනවා. 

කොහොම වුණත් ආදර සම්බන්ධතාවක ඉදලා කුමක් හෝ හේතුවක් නිසා වෙන්වීමක් සිදු වු​ණත් එය දරාගන්න අපි සූදානම් වෙන්න ඕන. ප්‍රේමය ඇතුළත අතිශය ස්වාභාවික වෙන්වීම පිළිගැනීම අනිවාර්ය වෙනවා. Gen Z pods සාකච්ඡාව ඇතු​ළෙ සමිත් අයියා මේ වෙන්වීම ගැන කිව්ව හරි ලස්සන කතාවක් අවසාන වශයෙන් මෙසේ ස​ඳහන් කරන්නම්.

“ප්‍රේමයට තිබෙනවද කොහි ​හෝ
හරිහමන් හැඩයක්
අත්හැරීමත් ආද​රේ එක්
සොඳුරුතම පැහැයක් “

– Nisali Sadeepa