LPL තරගාවලියේ වඩාත් තීරණාත්මක තරගයක් වන කළම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් අතර තරගය අද පස්වරු 7.30ට ආරම්භ වේ. මෙම තරගයේ තීරණය මත Qualifier තරග සඳහා සුදුසුකම් ලබාගන්නා අනෙකුත් කණ්ඩායම් ද්විත්වය තීරණය වේ.

මේ වනවිට කණ්ඩායම් 03ක් Qualifier තරග සඳහා සුදුසුකම් ලබාගැනීම සඳහා තරග කරන අතර, දඹුල්ල අවුරා සහ බී- ලව් කැන්ඩි මේ වනවිටත් Qualifier තරග සඳහා සුදුසුකම් ලබා සිටී. කළම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් ටයිටන්ස්ට සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් Qualifier තරග සඳහා සුදුසුකම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හිමිකරගෙන ඇත්තේ තරග 08කට සහභාගී වී ඉන් තරග 03ක් ජයගෙන තරග 05ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමිනි. සිව්වැනි ස්ථානය තරග 07කට සහභාගී වී ඉන් තරග 03ක් ජයගෙන තරග 04ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 06ක් ලබා සිටින ගෝල් ටයිටන්ස් කණ්ඩායමද, පස්වැනි සහ අවසාන ස්ථානය තරග 07කට සහභාගී වී ඉන් තරග 03ක් ජයගෙන තරග 04ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 06ක් ලබා සිටින කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද හිමිව තිබේ.

මේ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දළ ලකුණු ලබාගැනීමේ වේගය අතින් අනෙක් කණ්ඩායම් 02ට වඩා ඉදිරියෙන් සිටින බැවින් අද තරගයට වර්ෂාවෙන් බාධා නොවුනහොත් ජැෆ්නා කණ්ඩායමට Qualifier තරග සඳහා සුදුසුකම් ලබාගැනීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ති‌බේ.

එමෙන්ම අද තරගය ජයගන්නා කණ්ඩායම අනිවාර්යයෙන්ම Qualifier තරග සඳහා සුදුසුකම් ලබාගනී