එල්.පී.එල්. තරගාවලියේ අද (09) සහ හෙට (10) දිනයන් විවේකී දිනයන් ලෙස නම් කර ඇති අතර, නැවත අනිද්දා (11) තරග ආරම්භ වේ.

තරගාවලියේ ඊයේ පැවැති තරගවලින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරග නිමාවූ අතර, අනිද්දා සිට යළිත් තරග ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ඒ අනුව අනිද්දා දිනයේදී එක් තරගයක් පමණක් පැවැත්වෙන අතර, එම තරගය එදින රාත්‍රී 7.30ට දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.