ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී Dambulla Aura කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 147කි.

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කළහ. පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා කඩුලු 02ක් දවා ගැනීමටයි සමත් විය.

අනතුරුව ලකුණු 148ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි B-Love Kandy කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළේය.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 25ක් රැස් කළහ. පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 02ක් බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ටත් තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංගටත් හිමි විය