එල්.පී.එල්. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ අනුව පළමු තරගය ලෙස Qualifier-1 තරගය අද පස්වරු 3.00ට දඹුල්ල අවුරා සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වේ. මෙම තරගය ජයගන්නා කණ්ඩායම මෙම මස 20වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඍජුව සුදුසුකම් ලබාගනී.

එමෙන්ම අද රාත්‍රී 7.30ට Eliminator තරගය බී-ලව් කැන්ඩි සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. Qualifier-2 තරගය අනිද්දා පැවැත්වෙන අතර, Qualifier-1 තරගය පරදින කණ්ඩායම සහ Eliminator තරගය ජයගන්නා කණ්ඩායම අතර එම තරගය පැවැත්වේ. ඒ අනුව Qualifier-2 තරගය ජයගන්නා කණ්ඩායම සහ Qualifier-1 තරගය ජයගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය එළඹෙන 20වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.