ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පල්ලේකැලේ පැවැති තරගවලින් අනතුරුව නැවතත් අද දිනයේදී කොළඹදී තරග ආරම්භ වේ. ඒ අනුව තරගාවලියේ 14වැනි තරගය ලෙස අද Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දඹුල්ල අවුරා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ගෝල් ටයිටන්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. මේ හේතුවෙන් Galle Titans කණ්ඩායමට අද තරගය තීරණාත්මක වේ.

මීට පෙර පැවැති Dambulla Aura කණ්ඩායම සහ Galle Titans අතර තරගයේදී ලකුණු සම වීමෙන් අනතුරුව සුපිරි පන්දු වාරයයේදී තරගය ජයගත්තේ Galle Titans කණ්ඩායමටයි.