Lyca Productions සමාගම විසින්, ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක පූජිත වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව එම සමාගම නිවේදනය කර තිබුණා.

ඊයෙ දිනට යෙදී තිබූ ලසිත් මාලිංගගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් සුබ පැතුමක් ද එක් කරමින් Lyca productions lanka ෆේස්බුක් පිටුව ඔස්සේ Mali The Yorker King චිත්‍රපටයේ පෝස්ටරයක් මුදාහැරීමට කටයුතු කර තිබුණා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අරුමෝසම් වැහි, ආදරණීය කතාවක්, දේදුණු ආකාසේ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ විසින්.