මෙම වසරේ ෆෝමියුලා වන් ලෝක ශූරයා ලෙස කිරුළු පැලඳීමට නෙදර්ලන්ත ජාතික Max Verstappen සමත් විය. ඔහු මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරයා වූයේ පිට පිටම තුන්වෙනි වරටයි.

ඔහු රෙඩ්බුල් රේසිං හොන්ඩා කණ්ඩායම නියෝජනය කරනු ලබයි. එමෙන්ම Verstappen මෙවර ශූරතාවට හිමිකම් කීවේ මෙම වසර තුළ පැවැති ගෝන්ප්‍රී තරග 23න් 19ක්ම ජයගෙනය.

2021 වසරේදී සහ 2022 වසරේදීද ෆෝමියුලා වන් ලෝක ශූරයා ලෙස කිරුළු පැලඳීමට Max Verstappen සමත් විය.

ෆෝමියුලා වන් ලෝක ශූරතාවක් දිනාගත් ලාබාලම රියැදුරන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන Max Verstappen එම ශූරතාවට හිමිකම් කී එකම නෙදර්ලන්ත ජාතිකයාද වේ.