Italian Grand Prix තරගාවලිය ජය ගැනීමට ලෝක ශූර Max Verstappen සමත් විය. මෙම ජයග්‍රහණය Verstappenගේ මෙම වසරේ 12වැනි ජයග්‍රහණය වූ අතර Red Bull වාරයකදී සෑම තරගයක්ම ජයග්‍රහණය කළ පළමු F1 කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාවද ඔවුන් උදාකරගත්හ. තමන් මෙම ජයග්‍රහණය සම්බනදයෙන් පුදුම වූ බවත්, ඒ සඳහා කැපවීමෙන් වැඩ කළ බවත් Verstappen, ESPN සමග පවසා තිබුණි.

Verstappen හමුවේ පරාජයට පත් වූයේ ෆෙරාරි කණ්ඩායමේ කාලෝස් සයින්ස්ය. කාලෝස් පළමු වටයේදී Verstappen අබිබවා ගියද, 15වැනි වටයේදී කාලෝස් පරාජයට පත් විය.