ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයෙකු විසින් එක් තරග වාරයකදී ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට Kylian Mbappé සමත් විය. ඒ ඔහු මෙම තරග වාරයේදී ප්‍රංශය වෙනුවෙන් ගෝල 54ක් ලබාගනිමිනි.

ග්‍රීසියට එරෙහිව ඊයේ පැරිස් නුවරදී පැවැති තරගයේදී මෙම වාර්තාව පිහිටුවීමට ම්බැපේට හැකියාව ලැබුණි. මීට පෙර 1957-58දී තරග වාරයේදී ජුස් ෆොන්ටේ විසින් මෙම වාර්තාව පිහිටුවා තිබිණි. ඊයේ තරගයේ දෙවැනි භාගයේ දී ම්බැපේ දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර, එය එම තරගයේ එකම ගෝලයද විය