“The King of Pop” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය වසරේ වාර්තා වුණා. ‘Michael’ ලෙස නම්කර ඇති එම චිත්‍රපටය 2025 වර්ෂයේ අප්‍රේල් 18 දින සිට තිරගත කිරීමට නියමිත බව අද දින නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

John Logan විසින් තිර රචනය කර, Antoine Fuqua විසින් අධ්‍යක්ෂණය කරන ‘Michael’ චිත්‍රපටයේ Michael Jackson චරිතයට පණ පෙවීමට තෝරාගෙන තිබෙන්නේ, ඔහුගේම සොහොයුරියගේ පුත්‍රයා වන Jaafar Jackson. 2023 දී රූගත කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් හොලිවුඩයේ පැවති 2023 SAG-AFTRA වැඩවර්ජනය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමුණු ‘Michael’ චිත්‍රපටයේ වැඩකටයුතු 2024 ජනවාරි 22 දින නැවත ආරම්භ කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.