පොප් රජු ලෙස හැඳින්වෙන හිටපු ගායක Michal Jackson ගේ “This Is It” චිත්‍රපටය ලද ආදායම අභිබවා යමින් ලොව වැඩිම ආදායම් ලබාගත් වාර්තාමය ප්‍රසංග චිත්‍රපටය (Documentary concert film) බවට පත් වීමට Taylor Swift ගේ “Eras Tour” චිත්‍රපටය සමත් වී තිබෙනවා.

Taylor Swift ගේ “Eras Tour” චිත්‍රපටය ලබා ඇති බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 261.6ක් බව AMC Theatres හි ප්‍රධාන විධායක නිලධාරී Adam Aron විසින් සිය X (ට්විටර්) ගිණුමේ සඳහන් කර තිබුණා.

https://twitter.com/CEOAdam/status/1744204425949045079/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1744204425949045079%7Ctwgr%5E0c9cd41ebe5b18f8feb4fe284fdf63efa6d8e6ce%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.hindustantimes.com%2Fentertainment%2Fmusic%2Ftaylor-swifts-eras-tour-surpasses-michael-jacksons-this-is-it-as-highest-grossing-concert-film-101704715255250.html