පාකිස්තානයෙන් mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති mpox වෛරසයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක් බව සදහන් .

මේ අතර, වඳුරු උණ වෛරසය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ද සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නගරයේ අප ජලය ලබාගෙන සිදු කළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

තවද වඳුරු උණ වැළඳුණු රෝගියෙකු ඊයේ (15) ස්වීඩනයෙන් වාර්තා වූ අතර, අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන මෙම වෛරසය වැළඳුණු රෝගියෙකු ඉන් පිටත හමු වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

මෙම වෛරසය වැළදීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා