ජනප්‍රිය යූටියුබ්කරුවකු වන MrBeast (Jimmy Donaldson) විසින් පළ කරන ලද වීඩියෝවක් සඳහා X සමාගමෙන් ඩොලර් 263,655ක ආදායමක් ලබා ඇති බව වාර්තා වනවා. X සමාජ ජාලයේ හිමිකරු Elon Musk විසින් X සමාජ ජාලය වෙත පරිශීලකයින් ආකර්ශණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස වීඩියෝ නිර්මාණකරුවන් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වීඩියෝ X සමාජ ජාලයේ පළකිරීම දිරිගැන්වීම සඳහා ජුලි මාසයේ ආරම්භ කරන ලද share part of the revenue වැඩටහන අනුවයි ඔහුට මෙම අවස්ථාව හිමිවී ඇත්තේ.

Jimmy Donaldson විසින් කළකට ඉහතදී යූටියුබ් හි පළ කර තිබූ විනාඩි 16ක විඩියෝවක් ජනවාරි 15 දින X සමාජ ජාලයේ පළකර ඇති අතර, මේ වන විට එය X හි නැරඹුම්වාර මිලියන 160ක් ඉක්මවා තිබෙනවා. $1 vs $100,000,000 Car! ලෙස නම්කර ඇති එම වීඩියෝවෙහි දැක්වෙන්නේ ඩොලර්1 සිට ඩොලර්100,000,000 දක්වා වටිනාකමින් යුත් මොටර් රථ අනතුරට ලක් වන ලෙස ධාවනය කරන ආකාරයයි.