සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩු තීන්දුවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව එම පණිවිඩයේ  ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සංගීත සංදර්ශන අවසන් කිරීම අලුයම 1.00 දක්වා දීර්ඝ කර ඇත.

ඉරිදා දිනවල සංගීත සංදර්ශන සහ අනෙකුත් විනෝදාත්මක සංදර්ශන අලුයම 12.30 දක්වා පැවැත්විය හැකිය.

එමෙන්ම, සංගීත සංදර්ශන පැවැත්වීමේදී ආගමික ස්ථාන සහ රෝහල් අතර සාධාරණ දුරක් තබා ගත යුතු බව ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.