2023 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින “දෙක තුන ඇතුළත” නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.