සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස 3ක පමණ කාලසීමාව තුළ සිසුන්ට වෘත්තිය පාඨමාලාවක් පාසල තුළදීම හැදෑරීමේ අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත.

කොළඹ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවයකට ඊයේ (16) එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

විදෙස් වෙළඳපොලේ පවතින ශ්‍රම ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරගනිමින් ඊට අදාළ පුහුණුව මෙලෙස පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.