අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත.

එම ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත්විණි.

මේ අතර මෙවර විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  ප්‍රකාශ කර ඇත.

එමෙන් ම ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.