ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා ගොස් විනාශ වූ OceanGate Titan සම්බැරීනය මුහුණ පෑ ඛේදවාචකය අළලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

OceanGate ප්‍රධාන විධායක මිලධාරී Stockton Rush ඇතුළු පුද්ගලයින් 05 කට මරු කැඳවමින් නිමා වූ මෙම ඛේදනීය සිදුවීම අළලා නිර්මාණය කෙරෙන චිත්‍රපටයේ තිර කථාව රචනා කරන්නේ Justin MacGregor සහ Jonathan Keasey විසින් වන අතර,The Blackening,” “Black-ish” යන චිත්‍රපට නිෂ්පාදනය කළ E. Brian Dobbins මෙහි නිෂ්පාදකවරයා වනවා.